නීතිඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වන ලෙස විශේෂ තීන්දුවක්

0
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කරුණු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව හෙවත් බාර් කවුන්සිලය විශේෂ තීන්දුවක් සම්මත කර තිබෙනවා.

අගෝස්තු 31වැනිදා රැස් වූ එම සභාව තීන්දු කර තිබෙන්නේ නීතිඥ සංගමයේ සභාපතිකමින් ජනාධිති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස් විය යුතු බවයි.

පසුගිය වසරේදී ප්‍රබල ප්‍රතිවාදී අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීම නිසා නීතිඥ සංගමයේ සභාපති ධුරයට පත් වූ කෞෂල්‍ය නවරත්න ඒ වන විට පැවති ආණ්ඩුවේ බිහිසුණු මර්දනකාරී ක්‍රියාවලියට එරෙහිව නිසිපරිදි කටයුතු නොකළ බවට මැසිවිලි නැගීම් නීතිඥ සමාජය තුළම පැවතුණා. එවැනි පසුබිමක ඔහුට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා හමුවේ අදාල තීන්දුව ගෙන තිබෙනවා.

ජපාන ‘ජයිකා’ ආයතනයේ මූල්‍යමය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිදු කළ අල්ලස හා දූෂණය මැඬලීම සම්බන්ධයෙන් වන රුපියල් කෝටි 2ක උපදේශන සේවා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී එහි සභාපති කෞශල්‍ය නවරත්න මහතා විශ්වාසය කඩ කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය එක්ව සිදු කළ මෙම ව්‍යාපෘතියේ ගැටලු පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති නීතිඥවරුන් පස් දෙනකුගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් මඟින් මෙම තීරණය ගෙන තිබුණා. ඔහු ඉල්ලා අස්විය යුතු බවට යෝජනා සම්මත කෙරුණේ අදාල කමිටුවේ තීන්දුව මතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com