රනිල්ට උදව් කරන මන්ත්‍රීවරුන් ගැන පොහොට්ටුවෙන් තීරණයක්

0
රනිල්ට උදව් කරන මන්ත්‍රීවරුන් ගැන පොහොට්ටුවෙන් තීරණයක්

රනිල්ට උදව් කරන මන්ත්‍රීවරුන් ගැන පොහොට්ටුවෙන් තීරණයක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන සියලුම මන්ත්‍රීවරුන් ඔවුන් මෙතෙක් දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අප එම පක්‍ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනටමත් ඒ සම්බන්ධයෙන් කටයුතු සූදානම් කරගෙන යන බවයි.

පක්ෂයේ තීරණයට එරෙහිව ගිය පිරිස් නිලතල වලින් පමණක් නොව ආසන සංවිධායක ධූරවලින්ද ඉවත් කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු අධ්‍යයනය කරගෙන යන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 22වැනිදා තීරණය කළේය.

එම තීරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව දැනුම් දුන්හ.
ඔවුන් මෙම දැනුම්දීම කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අඟහරුවාදා (30) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයන් ඇතුළු ක්‍රියාකාරීන් බහුතරයක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට දැනටමත් තීරණය කර ඇතැයිද දැනගන්නට ලැබි ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com