පොල් වගා ගැටලු කියන්න ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක්
පොල් වගාවටත් නව රක්ෂණ ආවරණයක්
පොල් වගාවට අදාල සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඍජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්න යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ඒ අනුව පොල් වගාවට අදාල කවර ගැටළුවක් පිළිබඳව වුවද විමසීමට පහසුවන පරිදි ක්ෂණික දුරකථන අංකයක් ලබන සඳුදා එනම් අගෝස්තු 5 වන දින සිට හඳුන්වා දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙම ක්ෂණික දුරකථන අංකය 1916 වේ.
ඒ අනුව මෙම දුරකථන අංකය මගින් දැනුම් දෙන කවර ගැටළුවකට වුවද ක්ෂණික ප්‍රතිචාර දක්වමින් මහජන ගැටළු සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දීමට නිලධාරීන් සූදානම් කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.




