ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්
 
                අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන් ම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැලියක් අතරතුර වෙඩි තැබීමක් සිදු වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බට්ලර් හි පැවති රැලියකදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව ය.
වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදු වී තිබේ.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා රහස් ඔත්තු සේවා සාමාජිකයෙකුගේ වෙඩි ප්‍රහාරවලින් ජිවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රහස් ඔත්තු සේවාව සඳහන් කර ඇත්තේ, වෙඩි තැබීමෙන් මැතිවරණ රැලියට සහභාගී වූ පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි වැදී බරපතළ තුවාල සිදු වී ඇති බව ය.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        