නෙදර්ලන්තයේ සිට ආනයන කළ නිල සුනඛයින්ගෙන් පැටවුන් 13ක්

නෙදර්ලන්තයේ සිට ආනයන කළ නිල සුනඛයින්ගෙන් පැටවුන් 13ක්

නෙදර්ලන්තයේ සිට ආනයන කළ නිල සුනඛයින්ගෙන් පැටවුන් 13ක්

ශ්‍රී ලංකා පොලීසිය විසින් ජුනි මස 05 වනදා පොලිස් නිල සුනඛ කොට්ඨාසය වෙත නෙදර්ලන්තයේ සිට නිල සුනඛයින් 35 දෙනෙකු ආනයනය කර තිබුණි.

ඉන් බැලලියන් දෙදෙනෙකු විසින් පැටවුන් 13 දෙනෙකු බිහි කර තිබේ.

තවත් ගැහැණු සත්ත්වයෙකු පැටවුන් බිහි කිරීමේ සූදානමින් පසුවෙන බවද පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසයි.

ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Spaniel) වර්ගයේ Tempard නම් නිල සුනඛයා විසින් පිරිමි පැටවුන් 03ක් සහ ගැහැණු පැටවුන් 03ක්ද, Lea විසින් පිරිමි පැටවුන් 03ක් සහ ගැහැණු පැටවුන් 04 දෙනෙකු බිහි කර ඇත.

මෙම පැටවුන් මහනුවර කුණ්ඩසාලේ පිහිටි අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේ නිරෝගීව පසුවෙන බවද පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසයි.

නව පැටවුන් බිහිවීම තුළින් රුපියල් මිලියන 25කට වැඩි මුදලක් ඉතිරි කරගැනීමට ශ්‍රී ලංකා පොලීසියට හැකියාව ලැබෙනු ඇතැයි ද සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *