රුපියල අතිප්‍රමාණය වේ
රුපියලේ අගය තවත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිකුරාදා (12) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.27ක් ලෙසත් විකුණුම් මිල රු. 307.46ක් ලෙසත් සටහන් වී තිබේ.
මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය සිකුරාදා (12) දින රු. 303.32ක් ලෙසින් වාර්තා වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව පසුගිය ජූලි 08 වන දිනෙන් පසු මේ දක්වා අඛණ්ඩව දින 4ක් පුරාවට ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අගය අතිප්‍රමාණය වීමක් වාර්තා වී ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 ජූලි 05 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.4කින් අතිප්‍රමාණය වී ඇති බවයි.




