රණවිරුවන්ට ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු

0
17 වැනි රණවිරු සමරුවට සමගාමීව රණවිරුවන් 5,289කට නිල උසස්වීම්

17 වැනි රණවිරු සමරුවට සමගාමීව රණවිරුවන් 5,289කට නිල උසස්වීම්

මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිතව හා ගාස්තු අය කිරීමකින් තොරව සින්නක්කර අයිතිය ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙරට සෑම බිම් අඟලකටම සියලුදෙනාට බියකින්, සැකයකින් තොරව යාමට ඉඩ ප්‍රස්ථාව උදා කර දීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ විරෝධාර රණවිරුවන්ට මව්බිමේ බිම් කැබැල්ලක අයිතිය තහවුරු කර දීම මෙම වැඩසටහනේ අරමුණයි. ජනාධිපති කාර්යාලයේ මෙහෙයවිමෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපතිවරයා විසින් අංක PS/CM/APL/267/2024 හා 2024-05-13 දිනැතිව රණවිරුවන්ගේ පදිංචිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා පූර්ණ සහන ලබා දීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලද අංක අමප/24/0898/601/058 හා 2024/05/23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව රණවිරුවන්ට පහත සඳහන් සහන හිමිව තිබෙනවා.

විධිමත් තෝරා ගැනීමේ ක්‍රමවේදයකින් සුදුසුකම් ලබා ඇතත් මෙතෙක් සංවර්ධනය කර ගැනීමට අපොහොසත් වු සියලු රණවිරු කාණ්ඩ සඳහා රුපියල් 100/ක නාම මාත්‍ර බදු මුදලක් යටතේ විශේෂ බද්දක් ලබා දීම,

බදුගත් ඉඩම් සංවර්ධනය සඳහා මුල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා පහසු වන පරිදි විශේෂ බදුකරයේ කොන්දේසි ලිහිල් කිරිම
සංවර්ධනය කරමින්/ සංවර්ධනය කර ඇති ඉඩම් සඳහා නොමිලේ නිදහස් දීමනා පත්‍ර ලබා දීම,

මධ්‍යම පාන්තික ගැනුම් මිල කාණ්ඩය යටතේ සුදුසුකම් ලබා ඇති, නේවාසික පදනමින් සංවර්ධනය කර ඇති ඉඩම් සඳහා නිදහස් දීමනා පත්‍ර ලබාදීම,

කොන්දේසි සහිත විශේෂ දීමනා පත්‍ර ප්‍රතිපාදන ප්‍රකාරව පෘෂ්ඨාංකනය කිරීම හා කොන්දේසි ඉවත් කිරීම විධිමත් ලෙස ලියාපදිංචි කිරීම,

මැනුම් නියෝගවලට අදාළ පිඹුරුපත් හා රේඛා චිත්‍ර ලබා ගැනීම මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු මැනුම් ගාස්තුවලින් නිදහස් කිරීම,

සියලු රණවිරු කාණ්ඩ සඳහා නිරවුල් භූමියක හිමිකාරිත්වයක් ලබා දීමේ මෙම ජාතික වැඩසටහන මාස 04ක් තුළ අවසන් කිරීමට නියමිත අතර මේ පිළිබඳ රණවිරුවන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදී කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දිවයිනේ තෝරාගත් ස්ථාන 04කදී ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් ජංගම වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික් ජංගම වැඩසටහන 2024-07-10 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලස්ථානයේ දී සාර්ථකව පැවැත්වුණු අතර 2024-07-17 දින සාලියපුර ගජබා ‍රෙජිමේන්තු මධ්‍යස්ථානයේදීද, 2024-07-19 දින කුරුණෑගල විජයබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදීද, 2024-07-23 දින කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදීද එම ජංගම වැඩසටහන් පැවැත්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com