දකුණු ගාසා තීරයේ පල­ස්තී­නුවෝ 2,50,000ක් අත­රමං

0
දකුණු ගාසා තීරයේ පල­ස්තී­නුවෝ 2,50,000ක් අත­රමං

දකුණු ගාසා තීරයේ පල­ස්තී­නුවෝ 2,50,000ක් අත­රමං

දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නුව­රින් ඉව­ත්වන ලෙස ඊශ්‍රා­යල හමු­දාව පල­ස්තීන ජන­තා­වට කළ නියෝ­ග­යෙන් දෙලක්ෂ පන­ස්ද­හ­ස­කට අධික ජන­තාව දැඩි පීඩ­න­ය­කට ලක්වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාසා තීරයේ දෙවැනි විශා­ල­තම නග­රය වන ඛාන් යූනිස් නුව­රින් ඉව­ත්වන ලෙස ඊශ්‍රා­යල හමු­දාව කළ නියෝ­ග­යෙන් අව­තැ­න්වූ­වන් සඳහා වන යුරෝ­පීය රෝහල් භූමියේ කඳ­වු­රු­ව­ලින් පලා යෑමට පල­ස්තීන ජන­තා­වට සිදුවී ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මස 7වැනිදා ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර යුද ගැටුම් ආර­ම්භ­වී­මෙන් පසු මේ දක්වා අවම වශ­යෙන් පල­ස්තී­නු­වන් 37,925 දෙනකු ඝාතනයට පත්වී ඇතැයිද, තවත් පුද්ග­ල­යන් 87, 141 දෙනකු තුවාල ලබා ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය නිවේ­ද­නය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com