රු. හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18ක් රේගු අත්අඩංගුවට

රු. හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18ක් රේගු අත්අඩංගුවට
රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරීවරයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් (21) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීවරයා වසර 15ක සේවා කාළයක නිරතව සිටින මාතර, හක්මණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු තම රාත්‍රී සේවා මුරය නිමා කර, ගුවන් මගින් පැමිණි කිසියම් මගියෙකු විසින් සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක් තුළ දී ලබා දුන් රන් බිස්කට් තොගය, ඔහුගේ කළිසම් සාක්කු වල දමා ගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ මෙම රන් බිස්කට් තොගය ගුවන් තොටුපොළෙන් පිට කර දීමට රුපියල් හැට දහසක මුදලක ලබා දීමේ පොරොන්දුව මත මෙම ආරක්ෂක නිලධාරීවරයා කටයුතු කර ඇති බව රේගුව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.
කැරට් 24 මෙම රන් බිස්කට් එකක් ග්‍රෑම් 116.6ක් බරකින් යුක්ත වන අතර මෙම රන් බිස්කට් තොගය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 086ක බරකින් යුක්තය.
මෙම අවස්ථාව අධීක්ෂණය කිරීම සදහා රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාද කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටියේය.
මෙසේ අත් අඩංගුවට ගත් ගුවන් තොටුපොළ ආරක්ෂක පරීක්ෂක නිලධාරීවරයා අත් අඩංගුවේ තබා ගෙන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.