ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර

ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර

ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඊට අදාළ චක්‍රලේඛය සති දෙකක් ඇතුළත සියළුම රාජ්‍ය ආයතනලට ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින තෙත් බිම් සංරක්ෂණය කිරීම මගින් ජල ගැලීම් පාලනය කිරීමට හැකි බවය.

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින කුඩා ජල මාර්ග, පැති කාණු අවහිරවීම ජලගැලීම්වලට ප්‍රධාන හේතුව බවට හදුනාගෙන තිබෙන බවද ලේකම්වරයා පවසයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන ව්‍යාපෘති ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *