මැතිවරණය කාල සීමාව අළලා ඉන්දියාවේත් ලංකාවෙත් සිදු කරන කූට දේශපාලන කුමන්ත්‍රණය – මුෂර්රෆ් ( VIDEO )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පසුගිය දිනක අහමදාබාද් ගුවන් තොටුපලේදී ISIS යයි සැක කරන පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු , ISIS ත්‍රස්තවාදය යළි හිස ඔසවන බවටත්, රට තුළ ISIS ත්‍රස්තවාදය සැරිසරන බවටත් තමන් මින් පෙර ප්‍රකාශ කළ බවත් දැන් එය සත්‍යයක් වී ඇති බවත් ප්‍රකාශ කර ඇත.

නමුත් පසුගියදා ඉන්දියාවේ අහමදාබාද් තොටුපොලේ දී අත්අඩංගුවට ගනු ලැබූ ISIS යැයි සැක කරන සැකකරුවන් ගැන කතා කිරීමේදී, මුස්ලිම් ත්‍රස්තවාදය නැවතත් හිස ඔසවයි, ISIS ත්‍රස්තවාදීන් නැවතත් ලංකාවේ යැයි නොයෙක් විධි ප්‍රචාර මේ වනවිට අපහට අසන්නට ලැබුණි.

ඇත්ත වශයෙන්ම ඊශ්‍රායලයට සිදුවූ ප්‍රහාරයේදී පවා ප්‍රහාරය සිදුවී සුළු මුහුදකින් එම ප්‍රහාරය ISIS අප විසින් සිදු කරනු ලදැයි පිළිගනු ලැබුවා, නමුත් ඊශ්‍රායල ප්‍රහාර සිදුවී මේ දක්වා කාලයකට පසුව මෙම ප්‍රහාරය හා ISIS සංවිධානයට කිසිම සම්බන්ධයක් නැති බව මුලු ලෝකයම පිළිගෙන අවසන්. නමුත් අප්‍රේල් විසි එක් වනදා ලංකාවේ සිදුවූ ප්‍රහාරය සිදුවී සුළු මොහොතකින්ම එම ප්‍රහාරය ISIS සංවිධානය විසින් සිදු කරනු ලැබූ බවත් එම සංවිධානයේ නායකයා ජීවතුන් අතර සිටින බවටත් කරනු ලැබූ ප්‍රකාශය තුළින් එදා සිටම මෙය දේශීය හා විදේශීය එනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව මෙරට ශ්‍රී ලාංකිකයන්ට අද වන විට සනාථ වී අවසන්. තව දෙයක් නම් මෙම ප්‍රහාරය සිදු වූයේ ලංකාවේ මැතිවරණ කාලසීමාවක වකවානුවකදීය.

පසුගියදා ඉන්දියාවේ සිදුවූ සිදු වූ සැකකරුවන් හතර දෙනා ISIS සංවිධානය සමඟ සම්බන්ධ කිරීම තුළිනුත් යලිත් ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදය හිස ඔසවනවා යැයි පවසමින් යම් අදහස් ප්‍රකාශ කිරීම් පිළිගත නොහැකිය.මදක් සිතා බැලුවොත් අපහට තේරුම් ගත හැකි කරුණ නම් මෙම සිදුවීම් දෙකම එක හා සමාන වන බවය. එනම් අප්‍රේල් 21 ප්‍රහාරය සිදු වූ කාල වකවානුවත්, ISIS යැයි සැක කරන සැකකරුවන් ඉන්දියාවේ අත්අඩංගුවට ගැනුණු කාල වකවානුවත් මැතිවරණ කාල සීමා විමයි.තව කරුණක් නම් ලංකාවද ඉදිරියේදී මැතිවරණයක් බලාපොරොත්තුවෙන් පසු වීමයි.

මැතිවරණ ජයග්‍රහණයක් අළලා මෙවැනි සිදුවීම් සිදුවන බව අද වන විට ලාංකිකයන් සිතිමද අරුමයක් නොවේ. මක් නිසාද යත් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු මෙරට දේශපාලනයේ අති විශාල පසුගාමිතවයක් පෙන්නුම් කරනු ලැබුවා.ඉන්දියාවෙන් මෙවැනි ප්‍රහාරයක් සිදු විය හැකි බව ප්‍රකාශ කිරිමත්,පසුව මෙම ප්‍රහාරය සිදු විමත්, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රහාරයට ඉන්දියාවේ සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කිරිමත්, මෙවැනි සිදුවිම් අතරින් නවතම සිදුවිම ලෙස දේශපාලන ජයග්‍රහණයක් උදෙසා අන්තවාදය හා ත්‍රස්තවාදය උපයෝගී කර ගැනිම කිසිලෙසකත් අනුමතකල නොහැකිය.ත්‍රස්තවාදය පරාජය කිරිම හා යලි හිස ඔසවන්නට නොදි වග බලා ගැනිම ශ්‍රී ලාංකික සිංහල,දෙමළ හා මුස්ලිම් අප සියලු දෙනාගෙම වගකිමකි.

සත්‍ය වශයෙන්ම ත්‍රස්තවාදයට සම්බන්ධ යම්කිසි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්නම් මොවුන් නිසි ලෙස විමර්ශනය කළ යුතු බවත් අවධාරණය කර සිටිනවා.තවද මැතිවරණයක් සම්බන්ධ කර ගනිමින් අප්‍රේල් 21 ප්‍රහාරයත් ඉන් පසුව මෙරට තුල සිදුව මැතිවරණ විපර්යාසයත් සිදුකිරීමේ අරමුනින් මෙවැනි සිදුවීම් සිදුවේ නම් එය එක හෙළා පිළිකුල් කරනවා.

තව දුරටත් මෙලෙස කූට දෙශපාලන කුමන්ත්‍රණද පිලිකුල් කර සිටිනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂර්රෆ්

එම වීඩියෝව පහතින්,

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *