චීන ආනයන සඳහා දැඩි ආනයන තීරු බදු

චීන ආනයන සඳහා දැඩි ආනයන තීරු බදු

චීන ආනයන සඳහා දැඩි ආනයන තීරු බදු

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් චීන විදුලි වාහන, බැටරි, වානේ, සූර්ය පැනල සහ ඇලුමිනියම් සඳහා අධික තීරුබදු පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදුලි වාහන සඳහා සියයට 100ක තීරුබදු, අර්ධ සන්නායක සඳහා සියයට 50ක තීරුබදු සහ විදුලි වාහන බැටරි සඳහා සියයට 25 බැගින් තීරුබදු පනවා ඇති බව සඳහන්.

ජාතිය අමතමින් බයිඩන් පැවසුවේ අමෙරිකාවට ඔවුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයක මෝටර් රථයක් දිගටම මිලදී ගත හැකි නමුත් මෙම මෝටර් රථ සඳහා වෙළඳපල අසාධාරණ ලෙස පාලනය කිරීමට කිසි විටෙකත් චීනයට ඉඩ නොදෙන බවයි.

එමෙන්ම ඔහුට චීනය සමග සාධාරණ තරගයක් මිස ගැටුමක් අවශ්‍ය නොවන බවද සඳහන් කර තිබෙනවා.

වසර ගණනාවක් පුරා චීන රජය විසින් වානේ සහ ඇලුමිනියම්, අර්ධ සන්නායක, විදුලි වාහන, සූර්ය පැනල සහ අත්වැසුම් සහ මුහුණු ආවරණ වැනි සෞඛ්‍ය උපකරණ වැනි නිෂ්පාදන ගණනාවක් හරහා චීන සමාගම් වෙත රාජ්‍ය මුදල් ගොස් ඇති බව බයිඩ්න් චෝදනා කරනවා.

චීනය මෙම නිෂ්පාදන සියල්ලටම විශාල සහනාධාර ලබා දී ඇති අතර, ලෝකයේ සෙසු රටවලට අවශෝෂණය කර ගත හැකි ප්‍රමාණයට වඩා බොහෝ දේ නිෂ්පාදනය කිරීමට චීන සමාගම් කටයුතු කර තිබෙනවා.

එවිට අතිරික්ත නිෂ්පාදන අසාධාරණ ලෙස අඩු මිලට වෙළෙඳපොළට මුදා හරිම නිසා ලොව පුරා සිටින අනෙකුත් නිෂ්පාදකයින්ට ව්‍යාපාරවලින් ඉවත් වීමට සිදුවූ බවයි ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ.

ඒ අනුව අමෙරිකානු සමාගම්, විදුලි වාහන සහ ඒවායේ බැටරි සඳහා ඩොලර් බිලියන දස දහස් ගණනක් ආයෝජනය කරන අතර චීනයේ අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලින් ආධිපත්‍යය නොගන්නා විදුලි වාහන සඳහා සැපයුම් දාමයක් අවශ්‍ය බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *