කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිලේහි සංශෝධනයක්

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට

ගෑස් මිල පහළ යාමත් සමඟ ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති හර්ශන රුක්ෂාන් මහතා පවසනවා.

මේ අතර කෙටි ආහාරවල මිල ගණන්ද රුපියල් 10කින් අඩු කර තිබේ.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කළත් ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බවද එම සංගමය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *