විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ වාහන බලපත්‍ර නවත්වයි

විද්‍යුත් වාහන ආනයන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයෙන් බැහැරවීමෙන් රු.මි 1,384ක පාඩුවක්
විවිධ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කාලය දිගු කිරීමේ ගැසට් පත්‍රයට අනුමැතිය නොදීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.
විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළේ කිසිදු විනිවිද භාවයක් නැතැයි එම කාරක සභාවට පෙනී යාමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.