IMF හා ලෝක බැංකුවේ “Spring Meetings” තුළින් ශ්‍රී ලංකාව තම මීළඟ ණය වාරිකය අපේක්ෂා කරයි

IMF හා ලෝක බැංකුවේ “Spring Meetings” තුළින් ශ්‍රී ලංකාව තම මීළඟ ණය වාරිකය අපේක්ෂා කරයි

IMF හා ලෝක බැංකුවේ “Spring Meetings” තුළින් ශ්‍රී ලංකාව තම මීළඟ ණය වාරිකය අපේක්ෂා කරයි

2024 අප්‍රේල් 15 වැනි දින පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ “Spring Meetings” සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස සහභාගී වීමට නියමිතව තිබෙනවා.

එහිදී ආර්ථික අභියෝගවලට මුහුණදීමට සහ රටක් ලෙස ආර්ථික වර්ධනය කරා යන ගමනේදී ඇතිවන ගැටලුවලට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල් ආර්ථික සහයෝගීතාවයෙන් කටයුතු කිරීම තම මූලික අරමුණ වන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එම සමුළුවට සහභාගී වීම තුළින් ආර්ථික ස්ථාවරත්වය, තිරසාර වර්ධනය, ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ආර්ථිකය හා සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ඵලදායී සාකච්ඡාවල නිරත වීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන්කර සිටිනවා.

හවුල්කාරිත්වය සහ සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩා දීප්තිමත් ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීමට හැකි බව මා ඇතුළු වත්මන් රජයේ විශ්වාසය වන අතර ඒ වෙනුවෙන් එළඹෙන 15 වන දින ඇරඹෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ “Spring Meetings” හරහා හැකි වනු ඇතැයි මා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස බලාපොරොත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන්කර සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *