මහජන බැංකුවෙන් සියලුම ගනුදෙනුකාර භවතුන්ට වැදගත් දැනුම්දීමක්
මහජන බැංකුවට දැවැන්ත ලාභයක්
මහජන බැංකුව විසින් සිය ගණුදෙනුකාරභවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ මෙම උත්සව සමයේ ඔබට ලැබී ඇති හෝ ලැබීමට නියමිත භාණ්ඩයක් පිළිබඳව පවසමින් ඔබගේ තොරතුරු හා බැංකු කාඩ්පත් තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා වංචනික SMS කෙටි පණිවිඩයක් සංසරණය වන බවයි.
එහි සඳහන් වන පරිදි තම පුද්ගලික තොරතුරු, බැංකු ගිණුම් දත්ත, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් තොරතුරු හෝ OTP අංක නොදන්නා වෙබ් අඩවි වෙත හෝ කිසිදු තෙවන පාර්ශවයකට ලබා දීමෙන් වළකින ලෙස මහජන බැංකුව සිය ගනුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.
එම දැනුම්දීම පහතින්.




