බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි ප්‍රධාන පුහුණුකාර ධුරයට ලාංකිකයෙක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි ප්‍රධාන පුහුණුකාර ධුරයට ලාංකිකයෙක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි ප්‍රධාන පුහුණුකාර ධුරයට ලාංකිකයෙක්

හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත් කරගෙන තිබේ.

මීට පෙර ඔහු නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙසද කටයුතු කර තිබුණි.

රමේෂ් සුබසිංහ ICC තුන්වන මට්ටමේ පුහුණුකරුවකු ලෙසද සිය සුදුසුකම් සම්පූර්ණ කර ඇත.

අයදුම්කරුවන් 53 දෙනෙකු අතුරින් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ඔහු තෝරා පත්කර ගෙන ඇති බව වාර්තා වේ.

බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමිය එරට නැගීඑන යොවුන් ක්‍රිකට් කණ්ඩායම වශයෙන්ද සලකණු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *