ග්‍රාම නිලධාරී දීමනාත් ඉහළට

0
ග්‍රාම නිලධාරී නව සේවා ව්‍යවස්ථාව අනුමතයි

ග්‍රාම නිලධාරී නව සේවා ව්‍යවස්ථාව අනුමතයි

ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල දීමනා හා ලිපිද්‍රව්‍ය දීමනා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඊට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇත.

ඒ අනුව මහනගර සභා, නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති අතර ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2,000 දක්වා ඉහළ දමා තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාවද රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com