ක්‍රිකට් ක්‍රීඩා අනතුරු සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් ක්‍රීඩා අනතුරු සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් ක්‍රීඩා අනතුරු සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් වූ ආචාර්ය උපාධියක් ඔස්ට්‍රේලියාවේදී සාර්ථකව සම්පූර්ණ කිරීමට වෘත්තියෙන් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ භෞතචිකිත්සකවරයෙක් වන දුලාන් කොඩිකාර මහතා සමත්ව තිබේ.

දුලාන් කොඩිකාර දැනට මෙල්බන් නුවර රැකියාවක නිරත වෙමින් සිටින අතර ඔහු 2011 වසරේදී පළමුවෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ ක්‍රීඩාව සහ ව්‍යායාම සම්බන්ධ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහාය.

2013 වසරේදී ඔහු එම උපාධිය සාර්ථකව අවසන් කර තිබුණි.

2014 වසරේදි යළිත් ඔහු ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ක්‍රීඩා සහ ව්‍යායාම් සම්බන්ධ භෞත චිකිත්සකවරයෙක් ලෙසට රැකියාවක නිරත වීම සඳහාය.

එම රැකියාවේ නිරතව සිටින අතර ඔහුට 2016 වසරේදී බැලරට් හි ෆෙඩරේෂන් යුනිවර්සිටි වෙතින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිවී තිබේ.

වසර කිහිපයක් තුල ඊට අදාළ පර්යේෂණ කටයුතුවලින් අනතුරුව 2023 වසරේ අග භාගයේදි ඔහු ආචර්ය උපාධිය සම්පූර්ණ කර ගත් අතර පසුගිය මාර්තු 19 වැනිදා ඔහුට ආචාර්ය උපාධිය පිරිනමනු ලැබිණ.

ක්‍රීඩා හා ව්‍යායාම් සම්බන්ධ භෞත චිකිත්සකවරුන් අතරින් ලොව පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු ක්‍රිකට් ක්‍රීඩා අනතුරු සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ආචාර්ය උපාධියක් ලබාගත් පළමු අවස්ථාව ලෙසට මෙය ඉතිහාසයට එක්වනු ඇත.

ශ්‍රී ලාංකිකයෙකු ලෙසට මෙම දුර්ලභ අවස්ථාව පිළිබඳ නිහතමානිව ආඩම්බර වන බව දුලාන් කොඩිකාර ප්‍රකාශ කළේය.

එමෙන්ම ෆෙඩරේෂන් යුනිවර්සිටි ආයතනය සහ ඔස්ට්‍රේලියානු රජය මෙම ආචාර්ය උපාධියේ පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු වෙනුවෙන් ඩොලර් දෙලක්ෂ පනස් දහසකට අධික මුදලක් වැය කිරීම කෘතඥපූර්වකව සිහිපත් කරන බව ඔහු සඳහන් කළේය.

විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන අනෙකුත් පර්යේෂකයන්, පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩකයන් තම පර්යේෂණ ක්‍රියාවලියේදී ලබාදුන් සහාය ද දුලාන් කොඩිකාර සිහිපත් කරයි.

“හෙඩ්, නෙක්, ෆේෂල් ඉන්ජරිස් ඉන් ක්‍රිකට්” යන මාතෘකාව පර්යේෂණයට තෝරා ගනු ලැබුවේ තමා 2010 වසරේදී ලැබූ පෞද්ගලික අත්දැකීමක් හේතුවෙන් වන අතර 2014 වසරේදී ෆිල් හියුස් ක්‍රිකට් තරගයක් අතරතුර පන්දුවක් හිසේ වැදී අකල් මරණයකට ගොදුරු වීමද මෙම පර්යේෂණ සඳහා යොමු වීමට හේතු වූ බව ඔහු කියාසිටියේය.

– AUSලංකා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *