කිරිපිටි මිල පහළට; කිරිපිටි වෙළඳපොළට ආවම කිරි තේ එක 90ට

ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළට

(24) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල පහළ දමන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව, කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 150කින්ද, ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60කින්ද අඩු කරන බවයි වාර්තා වන්නේ.

ආනයනික කිරිපිටි මිල පහත දැමීමට රජය කටයුතු කර ඇති අතර ඊට සමගාමීව කිරි තේ එකක මිලද පහත දැමීමට කටයුතු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ මිල අඩු වූ කිරිපිටි වෙළඳ පොළ වෙත පැමිණීමෙන් අනතුරුව අදාළ මිල සංශෝධනය සිදු කරන බවයි.

ඒ අනුව මේ වනවිට රුපියල් 100ක අගයකට පවතින කිරි තේ එකක මිල රුපියල් 90ක් දක්වා පහත වැටෙනු ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පිටකොටුව ආශ්‍රිතව අලෙවි කරන කිරිපිටි නොවන ටින්කිරි යොදාගෙන ලබා දෙන කිරි තේ එකක මිලද මේ වනවිටත් රුපියල් 60ත් 80ත් අතර මුදලකට අලෙවි කරන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *