එක් රැයකදී රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 90ක් හා ඩ්‍රෝන ප්‍රහාර 60ක්

එක් රැයකදී රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 90ක් හා ඩ්‍රෝන ප්‍රහාර 60ක්

එක් රැයකදී රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 90ක් හා ඩ්‍රෝන ප්‍රහාර 60ක්

විදුලි සැපයුම් පද්ධති ඉලක්ක කරගනිමින් රුසියාව විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධිවීම් සිදුව තිබේ.

එරට දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරයට පමණක් ප්‍රහාර 15ක් එල්ල වී ඇති අතර නගරය පුරා නිවාස 53,000කට විදුලිය විසන්ධි වී ඇති බව බලධාරීන් සඳහන් කර ඇත.

තම රටේ බලශක්ති පද්ධතිය බිඳ දැමීමට රුසියාව උත්සහා දරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන බලශක්ති අමාත්‍ය ජර්මන් ගැලුශෙන්කෝ ප්‍රකාශ කර තිබිණි.

ගතවූ දින රාත්‍රියේ රුසියාව විසින් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 90ක් හා ඩ්‍රෝන ප්‍රහාර 60ක් පමණ එල්ල කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *