ඕස්ට්‍රේලියාවේ විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩි වේ

ඕස්ට්‍රේලියාවේ විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩි වේ

ඕස්ට්‍රේලියාවේ විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩි වේ

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ, ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩිවී ඇති බවට නවතම දත්ත වාර්තා වලින් හෙළිවූ පසුබිමකය.

සෙනසුරාදා සිට ශිෂ්‍ය සහ උපාධි වීසා සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා වැඩි කෙරෙන අතර අධ්‍යාපන සපයන්නන් නැවත නැවතත් නීති කඩ කළහොත් එම සමාගම්වල කටයුතු අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජයට බලය පවරා තිබේ.

මෙලෙස සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට තුළ කුලී නිවාස වෙළෙඳපොල තරගකාරීත්වය නොසිතූ ලෙස වර්ධනය වී ඇත.

මූලික වශයෙන් රැකියා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර සිසුන් තවදුරටත් මර්දනය කිරීම සඳහා නව “සැබෑ ශිෂ්‍ය පරීක්ෂණයක්” හඳුන්වා දෙනු ඇති අතර, සංචාරක වීසාවලටද කොන්දේසි පැනවෙනු ඇති.

ජාත්‍යන්තර සිසුන් සඳහා අසීමිත වැඩ කරන වේලාවන් ඇතුළුව, හිටපු රජය විසින් හඳුන්වා දුන් කොවිඩ් සහන නවතා දැමීම සඳහා පසුගිය වසරේ ගත් ක්‍රියාමාර්ග රැසකට අනුව මෙම නව ශිෂ්‍ය වීසා නීති පියවර ගෙන ඇති බව ද සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *