ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අයදුම්පත් කැඳවයි

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අයදුම්පත් කැඳවයි

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අයදුම්පත් කැඳවයි

2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙයි.

ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර තිබේ.

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීමද මාර්ගගත ක්‍රමය ඔස්සේම මෙවර සිදු කරනු ලබයි.

2024.03.15 දින දහවල් 12.00න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වේ.

2024.03.15 දින දහවල් 12.00ට පෙර ඇතුළත් කර ඇති අයදුම්පත් සලකා නොබැලෙන බැවින් එම අයදුම්කරුවන් නැවත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ යුතුය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *