ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

0
රන් අවුන්සයක මිල වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත ලෙස ඉහළ යමින් තිබේ.

කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ඩොලර් 2,141.59ක් (05) වාර්තා වුණි. පසුව ඒ මිල ඩොලර් 2,130ක් ලෙස සමනය විය.

පසුගිය දින 30ක කාලය සැලකූ විට ඩොලර් 100කට ආසන්න ප්‍රමාණයකින් රන් මිල ඉහළ ගොස් තිබේ. මාස 06ක කාලය සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 200කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොසිනි. අවුරුද්දක කාලය සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 315කින් පමණ ඉහළ ගොස් තිබේ.

රන් මිල මෙලෙස ඉහළ යාමට හේතුව ගෝලීය භූ දේශපාලනික උණුසුම විශේෂයෙන් බලපා ඇති බව ලෝක ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com