ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට පියවර

සුදුමැස්සාගේ (White Flies) හානියෙන් තැඹිලි අපනයනයට බලපෑම්

සුදුමැස්සාගේ (White Flies) හානියෙන් තැඹිලි අපනයනයට බලපෑම්

මෙරට තැඹිලි වගාව ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙළක් සැකසීමට පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව දිවයිනේ තැඹිලි වගාවට සුදුසු ගම්මාන 86ක් තෝරා ගෙන ඇති අතර තැඹිලි ඵලදාවට හේතුවන කරුණු පරීක්ෂා කිරීමකින් පසුව මෙම ගම්මාන තෝරා ගෙන තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් මේ වනවිට ජාත්‍යන්තර වෙළෙදපොල තුළ නිර්මාණය වී ඇති අතර අන්තර්ජාතික වෙළෙඳපොලේ තැඹිලි පිළිබඳ ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. එයට හේතුව අප රටේ තැඹිළිවල රසය හා ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පැවතීමයි.

එමෙන්ම රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ කළද ශ්‍රී ලංකාවේ තැඹිලිවල ඇති ගුණාත්මකභාවය ලබා ගැනීමට ඔවුන්ට හැකි වී නැත.එමනිසා අප රටේ තැඹිලිවලට ඇති ඉල්ලුම දිනපතා ඉහළ යමින් පවතී.

වගාවක් වශයෙන් තැඹිලි වගාව ප්‍රචලිත කිරීම පිළිබඳ සාකච්ඡාවක්(05) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් සංවර්ධන අධිකාරිය මෙන්ම පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරිහු ද සහභාගි වූහ.

ඒ අනුව දිවයිනේ ගම්මාන 86ක් තෝරාගෙන ඇති අතර එම ගම්මානවල තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට තීරණය කරනු ලැබීය. ඒ අන්දමට ගම්මාන වශයෙන් තෝරාගත්තත් එක් ගම්මානයක වැඩි අක්කර ප්‍රමාණයක් තැඹිලි වගා කිරීමට යම් අයෙකුට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *