රිජ්වේ ආර්යා ළමා රෝහලට රු.මි 80ක් වටිනා Heart Lung යන්ත්‍ර දෙකක්

රිජ්වේ ආර්යා ළමා රෝහලට රු.මි 80ක් වටිනා Heart Lung යන්ත්‍ර දෙකක්

රිජ්වේ ආර්යා ළමා රෝහලට රු.මි 80ක් වටිනා Heart Lung යන්ත්‍ර දෙකක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද උරස් ශල්‍යාගාරය වෙත විවෘත හදවත් සැත්කම් සඳහා භාවිතා කරනු ලබන Heart Lung Machines දෙකක් ලබා දීමට පසුගිය බ්‍රහස්පතින්දා (29) කටයුතු කර තිබෙනවා.

ඒ අතිගරු ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත්වීමෙන් සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහාතාගේ උපදෙස් පරිදි, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙරට රෝහල් පද්ධතිය සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාගනිමින් රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ගෙනයන වැඩපිළිවෙල යටතේ මෙම උපකරණ ලබා දීම සිදුව තිබෙනවා.

එම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 80ක් බවයි සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *