දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂිත ගේට්ටු

දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂිත ගේට්ටු අධික ජල, විදුලි බිල්පත් සහ වැට් බදු හේතුවෙන් රට පුරා පාන් ඇතුලු බේකරි නිෂ්පාදනය කරන ආයතන දහසකට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ ගුණවර්ධන සදහන් කළේ, බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම, බිත්තර මිල ඉහළ යාම සහ පාරිභෝගිකයින් බේකරි නිෂ්පාදන පරිභෝජනයෙන් ඉවත් වීම නිසා බේකරි කර්මාන්තය පසුබෑමකට ලක් වී ඇති බවයි.

දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂිත ගේට්ටු

දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂක ගේට්ටු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සඳහා සේවකයින් 1200ක් බඳවා ගන්නා බවයි.

රජයේ බහු කාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවා ගත් පුද්ගලයින් ඒ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇත.

මුදල් අමාත්‍යාංශය සමග (21) පැවති සාකච්ඡාවේදී මෙම බඳවා ගැනීම් සඳහා එකඟතාව හිමි වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේය.

ආරක්ෂිත ගේට්ටු නොමැති වැඩිම හරස් මාර්ග සංඛ්‍යාවක් පවතින්නේ පුත්තලම මාර්ගයේ හා මුහුදුබඩ දුම්රිය මාර්ගයේයි.

මෙම ඇතැම් හරස් මාර්ග සඳහා පොලීසිය විසින් ගේට්ටු සවිකර තිබුණද පසුගියදා පුත්තලම ආරච්චිකට්ටුව මයියාව දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ අනතුරෙන් පසු එම ගේට්ටු ඉවත් කර ගන්නා බව පොලීසිය දැනුම්දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *