ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්

කෘෂිකාර්මික තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙලකට ශ්‍රී ලංකාව හා වියට්නාමය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වියට්නාම කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය මින් හෝන් ලී මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සදහන්.

බදාදා (21) මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කළාපීය සමුළුවට සමගාමීවයි.

එමෙන්ම කෘෂි තාක්ෂණය, අධ්‍යයන හා පර්යේෂණ, අත්දැකිම් හුවමාරුව, උසස් බීජ නිෂ්පාදනය, පොහොර හා පළිබෝධනාශක යෙදීම, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ගොවී ජනතාව හා නිලධාරින් පුහුණු කිරීම වැනි කරුණු කිහිපයකට අදාළවයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *