ශ්‍රේණිගත කිරීම්වල වනිඳු සහ මහීෂ් ඉදිරියට

ශ්‍රේණිගත කිරීම්වල වනිඳු සහ මහීෂ් ඉදිරියට

ශ්‍රේණිගත කිරීම්වල වනිඳු සහ මහීෂ් ඉදිරියට

ICC පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල 20යි 20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා 20යි 20 නායක වනිඳු හසරංග සමත්ව තිබේ. ඒ, ප්‍රසාද ලකුණු 705ක් ලබා ගනිමිනි.

එහි තුන් වැනි ස්ථානයේ මහීෂ් තීක්ෂණ පසු වන අතර, ඔහුට හිමි වී ඇති ප්‍රසාද ලකුණු ගණන 676කි.

20යි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසු වන්නේ, එංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක ආදිල් රෂිඩ්ය.

මේ අතර, 20යි 20 තුන්ඉරියව් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේද ඉදිරියට පැමිණීමට නායක වනිඳු හසරංග සමත්ව තිබේ.
ඒ, ප්‍රසාද ලකුණු 239ක් ලබා ගනිමිනි.

තවමත් එහි පළමු ස්ථානයේ පසු වන්නේ, බංග්ලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන්ය. ඔහු ප්‍රසාද ලකුණු 256ක් හිමි කරගෙන ඇත.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියේ දැක්වූ දස්කම් මත වනිඳු සහ මහීෂ් මෙසේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *