පසුගිය ජනවාරි මස ජාතික උද්ධමනයත් ඉහළට

ජාතික උද්ධමනයත් ඉහළට

ජාතික උද්ධමනයත් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ 4.2% සිට 2024 ජනවාරි මාසයේදී 6.5%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

එහිදී 2023 දෙසැම්බර් මාසයේදී 1.6% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 ජනවාරි මාසයේදී 4.1%ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර 2023 දෙසැම්බර් මාසයේදී 6.3%ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 8.5.%ක් දක්වා වැඩි වී තිබේ.

පසුගිය ජනවාරි මාසය අවසානයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුවද උද්ධමන සංඛ්‍යාලේඛන නිකුත් කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව මීට පෙර කටයුතු කළ අතර එහිදී 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2024 ජනවාරි මාසයේදී සියයට 6.4 දක්වා කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ඉහළ ගොස් තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *