ඉන්දි­යානු ලොකු ලූනු යළිත් ලංකාවට

ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම දිගටම

ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම දිගටම

අප­න­ය­නය නවතා දමා තිබූ ඉන්දි­යාවේ වගා කෙරෙන ලොකු ලූනු නැව­තත් අප­න­ය­නය කිරී­මට එරට රජය තීර­ණය කර තිබේ.

මේ අනුව නැව­තත් ඉන්දි­යානු ලොකු ලූනු මෙර­ටට ගෙන්වී­මට අව­ස්ථාව සැල­සෙන අතර ඒ අනුව මිල ගණන්ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සීමිත තොග ප්‍රමා­ණ­යක් ඉන්දි­යානු රජය විසින් විදේශ රට­වල රජ­යන් වෙත ද්විපා­ර්ශ්වික අර­මුණු කර ගනි­මින් අප­න­ය­නය කිරී­මට තීර­ණය කර ඇති අතර ලොකු ලූනු අප­න­ය­නය කිරීම නව­තා­ලී­මට ගෙන තිබූ තීර­ණය සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් කිරී­මට තීර­ණය කර නොමැත.

මේ අනුව ශ්‍රී ලංකාව හැරුණු විට බංග්ලා­දේ­ශය, මොරි­ෂස්, බහ­රේන්, බූටා­නය සහ නේපා­ලය යන රට­ව­ලට නැව­තත් ලොකු ලූනු තොග යැවී­මට නිය­මි­තය.

ලෝකයේ දෙවැනි විශා­ලම ලොකු ලූනු අප­න­ය­න­කරු වන ඉන්දි­යාව 2023 දෙසැ­ම්බර් මස සිට 2024 මාර්තු දක්වා අප­න­ය­නය කිරීම නව­තා­ලීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *