යුක්තිය මෙහෙයුමෙන් ඇල්ලූ වාහන ගැන නියෝගයක්

යුක්තිය මෙහෙයුමෙන් ඇල්ලූ වාහන ගැන නියෝගයක්

යුක්තිය මෙහෙයුමෙන් ඇල්ලූ වාහන ගැන නියෝගයක්

යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ තබා ඇති රුපියල් කෝටි දහයක පමණ වටිනාකමකින් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරු වෙත ලබාදෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තවදුරටත් අදාළ රථ වාහන රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් අවස්ථාව ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය මෙම නියෝගය නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් මෙම දේපොළ අත්පත් කර ගැනීම සඳහා මහාධිකරණයෙන් නිසි පරිදි නියෝග ලබා ගෙන නොමැති බව පවසමින් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ දැඩි විරෝධයක් පළ කර ඇති බවද සඳහන්ය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මළලගේ සුදත් කිත්සිරි නොහොත් “වැලිවිට සුද්දා” නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බව පවසමින් ඔහුගේ සහෝදරියක සතුව තිබූ සුඛෝපභෝගී බස් රථ පහක්, නවීන මෝටර් රථයක් සහ යතුරුපැදියක් කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *