රජයේ අනුමත වීමකින් තොරව තම මතයට පඩි වැඩි කර ගත් මහ බැංකු සේවකයන්

රජය එපා කියද්දිත් තමන්ගේ පඩි වැඩි කර ගත් මහ බැංකු සේවකයන්

රජය එපා කියද්දිත් තමන්ගේ පඩි වැඩි කර ගත් මහ බැංකු සේවකයන්

පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන තිබෙන බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

පුවත් වාර්තාව අනුව එය සඳහන් වන්නේ, මෙම වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස වැටුප් ඉහළ නැංවීම කර ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මුදල් මණ්ඩලය විසින් බවයි.

ඒ අනුව මහ බැංකුවේ ඇතැම් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප රුපියල් 712,179කින් ඉහල නංවා තිබෙන අතර, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුට මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු දීමනා සහිතව මසකට රුපියල් දහසය ලක්ෂ අසූහත්දහස් එකසිය හතළිස් හතරයි සත පනස්හයක (1,687,144.56)ක වැටුපක් ලැබීමට නියමිත බව ද එම පුවත් වාර්තාව වැඩිදුරටත් වාර්තා කරනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුර, කළමනාකාර සහකාර, ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආදී තනතුරු රැසක දෙගුණයකින් වැටුප් වැඩිකර ඇති බව කියන එම පුවත් වාර්තාව වැඩිදුරටත් දක්වන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුරේ පළමු ශ්‍රේණියේ සේවකයකුගේ මීට පෙර මූලික වැටුප රුපියල් 34,235ක් වූවත්, සියලු දීමනා සහිතව එම තනතුරට ලැබුණ මාසික වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස්හතරදහස් හැත්තෑහයයි සත හයක් (144,076.00).

නමුත් නව වැටුප් වැඩිවීමට අනුව එම තනතුරේ මූලික වැටුප රුපියල් 55,805 දක්වා, එනම් රුපියල් 21570කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව සියලු දීමනා සහිතව දැන් එම තනතුරේ සේවකයකු ලබන මාසික වැටුප රුපියල් එක්ලක්ෂ අසූතුන්දහස් තුන්සිය අසූඅටක් (183388) වන බවත් එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

තවද කළමනාකාර සහකාර පළමු ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප සියලු, දීමනා ද සහිතව රුපියල් 62,797කින් වැඩි වී ඇති අතර, ඔවුන්ගේ පෙර පැවැති මූලික වැටුප රුපියල් 57035ක් වුවත්, නව වැටුප් වැඩිවීම සමග ඔවුන්ට දැන් මාසිකව රුපියල් 235,035ක වැටුපක් ලැබෙනු ඇති බවත් එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

එසේ ම පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ අසූහතරදහස් පන්සිය හැටනවයයි සත අසූවකින් (184569.80) ඉහළ ගොස් තිබෙන අතර අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ වැටුපද රුපියල් පන්ලක්ෂ විසිදෙදහස් තුන්සිය පනස් නවයකින් (522,359) වැඩිකර ඇති බව එම පුවත් වාර්තාව වැඩිදුරටත් දක්වනවා.

තවද ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික සේවකයන්ගේ වැටුපද සියයට හැත්තෑවකින් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබෙන අතර, ඒ අනුව විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 55,000කින් පමණ වැඩි වීමට නියමිත බවයි එම පුවත් වාර්තාව වැඩිදුරටත් දක්වන්නේ.

– monara

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *