ඥානසාර හිමියෝ මුස්ලිම් ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයදිති

ඥානසාර හිමිට අධිකරණයෙන් ලිහිල් සිරදඬුවමක්; ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
මාධ්‍ය හමුවකදි කූරගල විහාරස්ථානය සම්බන්ධ ප්‍රකාශයකදී මුස්ලිම් ජනයාට යම් අපහසුතාවක් සිදුවී නම් ඒ සම්බන්ධයෙන් තමා සමාව අයදින බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කර තිබෙනවා.
2016 වසරේ මාර්තු මස 30 වැනි දින පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක දී ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළේ යැයි නීතිපතිවරයා විසින් බොදුබල සේනා නමැති සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්‌තේ ඥානසාර හිමිට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.
මෙහිදී විත්තිකූඩුවේ සිටි චූදිත හිමි නම විසින් මෙසේ ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම පෙබරවාරි 28 වැනි දිනට යෙදී තිබෙනවා.