ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 754කට නිදහස

සිරකරුවන් 350කට ජනාධිපති සමාව
76වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව හිමිවීමට නියමිතය.
ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 754ක් (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට එම විශේෂ රාජ්‍ය සමාව ප්‍රධානය කර තිබේ.
ඒ අනුව ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 729ක් ද, කාන්තා සිරකාරියන් 25ක් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කරයි.