ලංකාවේ මූල්‍ය අංශයේ සුර­ක්ෂි­තතා ජාලය ශක්ති­මත් කිරීමේ ව්‍යාපෘ­තිය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලි­යන 150ක්

ලංකාවේ මූල්‍ය අංශයේ සුර­ක්ෂි­තතා ජාලය ශක්ති­මත් කිරීමේ ව්‍යාපෘ­තිය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලි­යන 150ක්

ලංකාවේ මූල්‍ය අංශයේ සුර­ක්ෂි­තතා ජාලය ශක්ති­මත් කිරීමේ ව්‍යාපෘ­තිය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලි­යන 150ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ සුර­ක්ෂි­තතා ජාලය ශක්ති­මත් කිරීමේ ව්‍යාපෘ­තිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍ය­න්තර සංව­ර්ධන සංග­ම­යෙන් එක්සත් ජන­පද ඩොලර් කෝටි 15ක් (ඩොලර් මිලි­යන 150ක්) ණය පහ­සු­කම් ගැනී­මට රජය කට­යුතු කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළ­ම­නා­ක­ර­ණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය (SLDIS) කෙරෙහි අව­ධා­නය යොමු කර­මින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආර­ක්‍ෂිත ජාලය ශක්ති­මත් කිරී­මට මෙම ණය පහු­ස­කම යොදා ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා දින­මි­ණට (02) ප්‍රකාශ කළේය.

ඵල­දායි තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රම සඳහා ජාත්‍ය­න්තර හොඳම භාවි­ත­යන්ට අනු­කූ­ලව SLDISහි මූල්‍ය හා ආය­ත­නික ධාරි­තාව ශක්ති­මත් කිරී­මද ව්‍යාපෘ­තියේ අර­මු­ණයි. තවද, SLDIS හි ගෙවීම් සහ බැංකු මුල්‍ය කළ­ම­නා­ක­රණ පන­තට අනුව රාජ්‍ය මූල්‍ය වග­කීම මනාව ඉටු කිරී­මට සහ මූල්‍ය පද්ධ­තිය කෙරෙහි මහ­ජ­න­තා­වගේ විශ්වා­සය සුර­ක්ෂිත කිරී­මට මෙම ණය පහ­සු­කම පිටු­ව­හ­ලක් වෙනු ඇති බව ලේක­ම්ව­රයා කීවේය.

SLDISහි නීත්‍ය­නු­කූ­ලව ඉටු කිරී­මට ඇති හැකි­යාව වැඩි දියුණු කිරීම සඳහා SLDISහි සංචිත ඉහළ නැංවී­ම­ටද එය සහාය වනු ඇත.

ව්‍යාපෘති සංව­ර්ධන අර­මුණු සහ ව්‍යාපෘති සැල­සු­ම්ව­ලට අනු­කූ­ලව මහ බැංකුව විසින් ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කරනු ඇත.

අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 150ක මූල්‍ය අංශයේ ආර­ක්‍ෂිත ජාලය ශක්ති­මත් කිරීමේ ව්‍යාපෘ­තිය සඳහා අදාළ මූල්‍ය ගිවි­සු­මට ශ්‍රී ලංකා රජය වෙනු­වෙන් මුදල් අමා­ත්‍යංශ්‍ය ලේකම් කේ.එම්. මහින්ද සිරි­ව­ර්ධන සහ ජාත්‍ය­න්තර සංව­ර්ධන සංග­මය වෙනු­වෙන් මාල­දි­ව­යින, නේපා­ලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් එච්. හඩඩ්-සර්වෝස් මහ­ත්වරු අත්සන් තැබූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *