අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් 10,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ, යටවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී එම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසීය.

පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබු පැමිණිලිකරුගේ යතුරුපැදියේ බලපත්‍රය කල් ඉකුත්වීම හා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම වෙනුවෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබු බව සඳහන්ය.

කෙසේවෙතත් පසුව එය රු 50,000ස දක්වා අඩුකර ඉන් රුපියල් 10,000ක මුදලක් ලබාගන්නා අවස්ථාවේදී අදාළ පොලිස් සැරයන්වරු දෙදෙනා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසීය.

සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *