වසරේ ගතවූ දින 26 තුළ අධිවේගයේ සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

අධිවේගයේ වාර්ෂික ලාභය බිලියන 5යි; ණය බිලියන 800යි

අධිවේගයේ වාර්ෂික ලාභය බිලියන 5යි; ණය බිලියන 800යි

මේ වසරේ ගතවූ දින 26 තුළ පමණක් අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කෙසේවෙතත්, පසුගිය වසරටම අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලින් සිදුව ඇත්තේ පුද්ගල මරණ ගණන 5ක් පමණයි.

අධිවේගී මාර්ග භාවිතයේදී මංතීරුවල රථ වාහන අතර නියමිත පරතරය තබා නොගැනීම බොහෝ අනතුරුවලට හේතුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

මේ අතර අධිවේගී මාර්ගවල මෙන්ම අධිවේගී මාර්ග අන්තර්හුවමාරු ස්ථානවල සවිකර ඇති වීදි ලාම්පු බොහෝමයක් ක්‍රියා විරහිත තත්ත්වයට පත්වීම හේතුවෙන් එම ප්‍රදේශ අඳුරු ස්වභාවයක් ගෙන ඇති බව නිරීක්ෂණය වුණි.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් හොර රහසේ විදුලි රැහැන් කපාගෙන යාම මෙම තත්ත්වයට හේතුවී ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *