බ්‍රිතාන්‍යයේ යුද නෞකා බලඇණියක් ඉන්දියන් සාගරය වෙත

බ්‍රිතාන්‍යයේ යුද නෞකා බලඇණියක් ඉන්දියන් සාගරය වෙත

බ්‍රිතාන්‍යයේ යුද නෞකා බලඇණියක් ඉන්දියන් සාගරය වෙත

වසර 2025 වනවිට බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවට අයත් යුද නෞකා බලඇණියක් ඉන්දියන් සාගරය වෙත යොමු කිරීමට නියමිතය.

ඒ ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ඇති කරගත් එකඟතාවල ප්‍රතිඵලයක් ලෙසටය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරය අතරතුර මෙම එකඟතාවය පළවී තිබේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් අතර පැවැති එම හමුවේදී දෙපාර්ශ්වය විසින් ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීමට ප්‍රතිඥා ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම බ්‍රිතාන්‍ය සංචාරයට සමගාමීව ඔහු බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ලේකම්වරයාවද හමුවී තිබේ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස බ්‍රිතාන්‍යයේ සංචාරය කරන්නේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *