පානීය ජල බෝතල් තුළ නැනෝ ප්ලාස්ටික් අංශු – නවතම සමීක්ෂණයකින් අනාවරණය වේ

පානීය ජල බෝතල් තුළ නැනෝ ප්ලාස්ටික් අංශු - නවතම සමීක්ෂණයකින් අනාවරණය වේ

පානීය ජල බෝතල් තුළ නැනෝ ප්ලාස්ටික් අංශු - නවතම සමීක්ෂණයකින් අනාවරණය වේ

පානීය ජල බෝතල් තුළ නැනෝ ප්ලාස්ටික් අංශු පවතින බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

බෝතල් කළ පානීය ජලය ලීටරයක් තුළ නැනෝ ප්ලාස්ටික් අංශු ලක්ෂ 2.5ක පමණ ප්‍රමාණයක් අඩංගු වන බව කොලොම්බියාවේ විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

ඔවුන් සිදු කළ නවතම සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

පියවි ඇසට නොපෙනෙන මෙම නැනෝ ප්ලාස්ටික් අංශු හඳුනා ගැනීම සඳහා ලේසර් යුගලයක් සහිත අන්වීක්ෂ ප්‍රථමවරට භාවිත කර තිබෙනවා.

ඔවුන් සිදුකළ පරීක්ෂණය සඳහා ප්‍රධාන පෙළේ සන්නාම තුනකට අයත් පානීය ජල බෝතල් යොදාගෙන ඇති අතර ඒවා ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු 110,000ත් 400,000ත් අතර ප්‍රමාණයක් අඩංගු වන බවයි ඔවුන් පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *