නව ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට

නව ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට
ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දින (10) ඉදිරිපත් කළේය.
මෙම පනත සකස් කළේ සියලුම පාර්ශ්වවලට ඇහුම්කන් දීමෙන් පසුව බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ රටේ සියළුම තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් මෙම පනත සුදුසු බවට සහතිකයක් ලබා දුන්නේ යැයි පැවසූ අමාත්‍යවරයා මෙය විදේශ සබඳතාවලට වැදගත් පනතක් බවද ප්‍රකාශ කළේය.