මැතිවරණ කොමිසමට අලුත් සාමාජිකයෙක්

මැතිවරණ කොමිසමට අලුත් සාමාජිකයෙක්

මැතිවරණ කොමිසමට අලුත් සාමාජිකයෙක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ නව සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ ඒ මහතා අද (10) දිනයේ රාජකාරි භාරගත් බවයි.

ලක්ෂ්මන් දිසානායක මහතා එම කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ප්‍රමාණය සම්පූර්ණ වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්

1. ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා – සභාපති
2. එම්. ඒ. පී. සී. පොරේරා මහතා – සාමාජික
3. අමීර් මොහොමඩ් ෆායිස් මහතා – සාමාජික
4. අනුසුයා ෂන්මුගනාදන් මෙනෙවිය – සාමාජික
5. ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක – සාමාජික

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *