බද්ධ කිරීමට අවයව සොයා ගැනීමට නොහැකිව 5000ක් පමණ රෝගීන් වාර්ෂිකව මරණයට

රෝගීන් 5000ක් පමණ බද්ධ කිරීමට අවයව සොයා ගැනීමට නොහැකිව වාර්ෂිකව මරණයට

රෝගීන් 5000ක් පමණ බද්ධ කිරීමට අවයව සොයා ගැනීමට නොහැකිව වාර්ෂිකව මරණයට

ජීවිතය පවත්වාගෙන යෑමට අනිවාර්යයෙන්ම අවයව බද්ධයක් කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර තිබෙන රෝගීන් අතරින් 5000ක් පමණ අවයව සොයා ගැනීමට නොහැකිව වාර්ෂිකව මරණයට පත්වන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසනවා.

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මොළය මිය ගිය රෝගීන් ගේ අවයව මෙම රෝගීන් ගේ ජීවිත බේරා ගැනීම සඳහා යොදා ගැනීමට හැකියාව තිබුණත් ඒවා පරිත්‍යාග කිරීමට ඇති හැකියාව සම්බන්ධව ජනතාව තුළ ඇති නොදැනුවත්කම හේතුවෙන් මොළය මිය ගිය 2000 කගේ පමණ අවයව ඔවුන්ද සමඟ වැලලී යන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

රැක ගනිමු ජීවිතයෙන් ජීවිතයක් මැයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී පැවැති මිය ගිය පුද්ගලයෙකු ගේ ශරීර අවයව බද්ධ කිරීම සඳහා ලබාදීමේ හැකියාව සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක දීයි අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේ.

මරණින් පසු තමන්ගේ අවයව තවත් රෝගියෙකුට බද්ධ කිරීම ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කරමින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් මෙහි දී ක්‍රියාත්මක වූ අතර ඊට වැල්ලවත්තේ ශීලගවේෂී හිමි සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න, මහාචාර්ය අරින්ද ධර්මපාල යන මහත්වරුද අත්සන් තැබූහ.

මෙරට රෝහල් ගණනාවක අවයව බද්ධ කිරීමේ පහසුකම් තිබුණත් වෛද්‍යවරු මුහුණ දෙන ප්‍රධානම ගැටලුව රෝගීන්ට අවශ්‍යය අවයව සොයා ගැනීම බවද අධ්‍යක්වරයා පැවසුවා.

යම් පුද්ගලයෙකු ගේ මොළය මියගිය අවස්ථාවක ඔහුගේ හෝ ඇයගේ අවයව බද්ධ කිරීමට ලබා ගැනීමේ හැකියාව ඇත්තේ රෝගියා ගේ ළඟම ඥාතියෙකු ගේ අවසරය මත බවයි ඔහු ප්‍රකාශ කළේ.

බද්ධ කිරීමට අවයව ලබාදීමට ජීවිත්ව සිටිය දී කැමැත්ත පළ කර තිබෙන පුද්ගලයෙකුගේ අවයව ලබා ගැනීම ලඟම ඥාතීන්ගේ කැමැත්ත අවශ්‍ය වන්නේ නැහැ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *