ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි වෙනස්කම් අධ්‍යනයට කණ්ඩායම් 2ක්

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි වෙනස්කම් අධ්‍යනයට කණ්ඩායම් 2ක්

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි වෙනස්කම් අධ්‍යනයට කණ්ඩායම් 2ක්

ලෝක වෙළඳපොළ සහ එහි ඉන්ධන මිල ආශ්‍රිතව සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කණ්ඩායම් දෙකක් මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසනවා.

සිකුරාදා (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඔවුන් විසින් සිදුකළ අධ්‍යයනයන් මඟින් මේ වන විට ඩොලර් මිලියන ගණනක් රටට ඉතිරි කර ගැනීමට හැකි වී ඇති බවයි.

එමෙන්ම ලෝක වෙළඳපල තත්ත්වයන් සහ ඒ තුළ ඉන්ධන මිල ගණන්වල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව හඳුනාගෙන, ඉදිරි මාස 06ක් සඳහා අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා තිබෙන බවත් සඳහන් වේ.

ඒ අනුව ලබන 30 වනදා සහ මැයි 13වනදා තවත් මාස දෙකකට අවශ්‍ය ටෙන්ඩර් ඉදිරිපත් කරන අතර ඒ අනුව 2024 වසරට අවශ්‍ය ඉන්ධනවල වාරික සම්පූර්ණ කිරීම අවසන් වන බව ද සඳහන්.

කෙසේ වෙතත් මේ වන විට මාසයකට අවශ්‍ය අතිරික්ත ඉන්ධන තොග පවත්වාගෙන යන අතර මාසයකට අවශ්‍ය කරන ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිතයක්ද පවත්වාගෙන යන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *