මාලදිවයින සහ කටුනායක අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින සහ කටුනායක අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින සහ කටුනායක අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ දක්වා, මාලදිවයිනේ “මෝල්ඩිවියන්ස්” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය පසුගිය බ්‍රහස්පතින්දා (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

KIVI.2 – 940 දරන මෙම ගුවන් යානය 04/25 දින රාත්‍රී 09.55ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ජල ආචාර පවත්වමින් මෙම ගුවන් යානය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

මින් පසුව මෙම ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක්, එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කටුනායක සහ මාලදිවයින අතර ගුවන් ගමන් වල නිරත වීමට නියමිතය.

අඩු වියදම් ගුවන් සේවයක් වන මෙම ගුවන් සේවය තම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා A.320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානයෙන් මාලදිවයින ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් මහතාද පැමිණ සිටියේය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *