ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේ දී සමත් වේ

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේ දී සමත් වේ

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේ දී සමත් වේ

ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේ දී සමත් වී තිබේ. එය රු. බිලියන 970 ක් වන අතර මීට පෙර රේගුව උපයා ගත් වැඩිම ආදායම 2018 වසරේ දී වාර්තා වී ඇති අතර එය රු. බිලියන 923ක් වේ.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

2023 වසර මුල දී මුදල් අමාත්‍යාංශය විසින් රේගුවට රු. බිලියන 1,217ක ආදායම් ඉලක්කයක් ලබා දී තිබූ අතර රට තුළ පැවති අයහපත් මූල්‍යමය වාතාවරණය සහ පනවා තිබූ ආනයන සීමා සැලකිල්ලට ගෙන එම ඉලක්කය රු. බිලියන 893ක් දක්වා පසුව සංශෝධනය කරන ලදී.

2023 වසරේ දී රේගුව උපයා ගත් රු. බිලියන 970ක මුදල සංශෝධිත ඉලක්කය ඉක්මවා 109%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර එය වසර මුල ලබා දී තිබූ ඉලක්කයෙන් 80%ක් ඉක්මවා යාමකි.

2022 වසරේ දී රේගුවට ලැබී තිබූ ආදායම් ඉලක්කට රු. බිලියන 730ක් වූ අතර එම වසරේ දී රේගුව ඉපැයූ ආදායම රු. බිලියන 708කි. ඒ අනුව 2022 වසරට සාපේක්සව 2023 වසරේ දී 138%ක පමණ ආදායම් වර්ධනයක් පෙන්නුම් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *