බදු අංකය අනිවාර්ය වුවද , 50,000 දඩය ක්‍රියාත්මක කරන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය

බදු අංකය අනිවාර්ය වුවද , 50,000 දඩය මේ මොහොතේ ක්‍රියාත්මක කරන්නේ නැහැ - මුදල් රාජ්‍ය අමාත්‍ය

බදු අංකය අනිවාර්ය වුවද , 50,000 දඩය මේ මොහොතේ ක්‍රියාත්මක කරන්නේ නැහැ - මුදල් රාජ්‍ය අමාත්‍ය

වසය අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය වුවද, ඊට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50,000.00ක දඩ මුදලක් අය කිරිමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

(03) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අමාත්‍යවරයා සඳහන් කළේ රටේ අනාතතය ගැන සිතා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළද, ඒ තුළින් රටේ ජනතාව පීඩාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

බදු ලිපිගොනුවක් විවෘත කර අංකයක් ලබාගැනීම අනිවාර්ය වුවද, ඒ සියලු දෙනා බදු ගෙවිය යුතුයි යන්න ඉන් කිසිසේත්ම අදහස් නොවන බව යළි අවධාරණය කළ අමාත්‍යවරයා, දැනට මාසයකට රුපියල් ලක්ෂයක බදු ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් පමණක් බදු ආදායම් බදු ගෙවිය යුතු බවද සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *