ඇමසන් වැසි වනාන්තරය ඉතිහාසයේ දරුණුතම නියඟට 2023දී මුහුණ දෙයි

ඇමසන් වැසි වනාන්තරය ඉතිහාසයේ දරුණුතම නියඟට 2023දී මුහුණ දෙයි

ඇමසන් වැසි වනාන්තරය ඉතිහාසයේ දරුණුතම නියඟට 2023දී මුහුණ දෙයි

ජෛව විවිධත්වයේ විශ්මය ජනක පරාසයක නිවහනවන ඇමසන් වැසි වනාන්තරය එහි දරුණුතම නියඟය 2023දී අත්විඳින ලද බව වාර්තා වේ.

ඇමසන්හි ආදිවාසීන් වෙසෙන ගම්මානවල අතිශය නියඟ තත්වයක් ඇතිව ඇති අතර ගැන ඉවුරු ඉරිතලා පිලිස්සී, ලැව්ගිනි ඇවිලී සතුන් දස දහස් ගණනක් මියගොස් ඇත. Bom Jesus de Igapo Grande වනාන්තරය මැද පවුල් 40 කින් යුත් ප්‍රජාවක් වන අතර කලාපයේ වාර්තා වූ දරුණුතම නියඟයෙන්
ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. ඇමසෝනියානු පර්යේෂණ සඳහා වන ජාතික ආයතනයේ ශාක පරිසරවේදින් මේ සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව ඇති අතර නියගයෙන් සිදු වූ හානිය තවමත් ගණන් බලා නැත.

ඇමසන් වනාන්තරයේ වැසි සමය ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ විය යුතු නමුත් දෙසැම්බර් අග දක්වා එය තවමත් වියළි හා උණුසුම් විය. මෙය දේශගුණික විපර්යාස මගින් විස්තාරණය කරන ලද චක්‍රීය එල් නිනෝ කාලගුණ රටාවේ බලපෑමකි.

එල් නිනෝ නිසා පැසිෆික් සාගරයේ ජලය උණුසුම් වන අතර එය රත් වූ වාතය ඇමරිකාව දෙසට තල්ලු කරයි. මේ වසරේ උතුරු අත්ලාන්තික් සාගරයේ ජලය අසාමාන්‍ය ලෙස උණුසුම් වී ඇති අතර උණුසුම් වියළි වාතය හේතුවෙන් ඇමසන් වැසී ගොස් ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *