2024 ජනවාරි සිට බදුල්ල දිස්ත්‍රික්කය ත්‍රෛභාෂා දිස්ත්‍රික්කයක්

2024 ජනවාරි සිට බදුල්ල දිස්ත්‍රික්කය ත්‍රෛභාෂා දිස්ත්‍රික්කයක්

2024 ජනවාරි සිට බදුල්ල දිස්ත්‍රික්කය ත්‍රෛභාෂා දිස්ත්‍රික්කයක්

බදුල්ල දිස්ත්‍රික්කය ත්‍රෛභාෂා දිස්ත්‍රික්කයක් ලෙස 2024 ජනවාරි පළමු වැනිදා සිට නම් කෙරෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

ඒ යටතේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවලින් සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සේවා ලබාදීමට හැකියාව ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා කියයි.

බදුල්ල දිස්ත්‍රික්කය සිංහල දමිළ හා මුස්ලිම් ජාතිකයන් ඇතුළු විවිධ ප්‍රජාවන් සහිත දිස්ත්‍රික්කයක් වන අතර ඔවුන් සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා භාවිතා කරන බවද ඔහු කීය.

තමන් භාවිතා කරන භාෂාවෙන් සේවාවන් ලබාගැනීමේ හිමිකම සෑම පුරවැසියකුටම ඇති බැවින් මෙම පියවර ගත් බවත් සඳහන් කරන දිස්ත්‍රික් ලේකම්වරයා, මේ වන විටත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15න් 11ක්ම ද්විභාෂා කොට්ඨාස ලෙස කටයුතු කරන බවද සඳහන් කළේය.

ඒ් අනුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඌව පළාත් සභාව යටතේ ඇති සියළු ආයතන, බදුල්ල ශික්ෂණ රෝහල, පොලිසිය හා ගොවිජන සේවා මධ්‍යස්ථාන ඇතුළු ආයතනයන්හි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *