කොළඹ නෙළුම් කුළුණ නැරඹීමට 24, 25 දිනයන්හි 17,000කට අධික පිරිසක්

0
උත්සව සමයට නෙළුම් කුළුණ විවෘතව පවතින කාලය වැඩි කරයි

උත්සව සමයට නෙළුම් කුළුණ විවෘතව පවතින කාලය වැඩි කරයි

කොළඹ නෙළුම් කුළුණ නැරඹීම සදහා පසුගිය 24 සහ 25 දින දෙකේ දී 17,000 කට අධික නරඹන්නන් පිරිසක් පැමිණ ඇතැයි සීමාසහිත Colombo Lotus Tower Management Company Pvt Ltd සමාගම සදහන් කරයි.

‍නත්තල් සැරසිලි සමඟ පැවැති මෙම දින දෙක තුළ දී දේශීය සංචාරකයන් 17,300ක් සහ විදෙස් සංචාරකයන් 493දෙනෙකු පැමිණ ඇත.

එසේම 2022 සැප්තැම්බර් 15වැනිදා සිට 2023 දෙසැම්බර් 25වැනිදා දක්වා නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ මුළු පිරිස 1,410,459කි.

2022 සැප්තැම්බර් 15වැනිදා සිට 2023 දෙසැම්බර් 25වැනිදා දක්වා පැමිණි මුළු විදේශීය සංචාරකයන් ගණන 42,553ක් බව නෙළුම් කුළුණ පාලනාධිකාරිය වැඩිදුරටත් සදහන් කර සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com